ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.
උත්පත්ති 31:48 - Sinhala New Revised Version 2018 ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී. Sinhala New Revised Version ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී. Sinhala Revised Old Version අද මේ ගොඩ මා සහ නුඹ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබනලද්දේය. |
ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.
ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය.
අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වලට මම ගිලියද් සිට අර්ණොන් නදිය දක්වා වූ ප්‍රදේශය දුනිමි. ගංගාවේ මැද එක සීමාවක් විය. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් දේශ සීමාව අසලින් ගලා ගිය ජබ්බොක් ගඟ එක සීමාවක් විය.
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.
එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු.
රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.
මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.
ඔහුට පසු ගිලියද් වැසියෙකු වූ ජායිර් ඉදිරිපත් වී විසි දෑවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.