Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:30 - Sinhala New Revised Version 2018

30 ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඔහු: මේ ළිඳ මා විසින් හැරෙවූ බවට මේ බැටළු නෑම්බියන් සත්දෙනා මට සාක්ෂියක් පිණිස මාගේ අතින් පිළිගන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:30
8 හුවමාරු යොමු  

නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා!


මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.


තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය.


අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය.


එබැවින්, තම පියා වන ආබ්‍රහම්ගේ කාලයේ දී ඔහුගේ මෙහෙකරුවන් කැණූ ළිං සියල්ල ම පිලිස්තිවරු පස් පුරවා වසාදැමූ හ.


ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්