ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 31:42 - Sinhala New Revised Version 2018

මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 31:42
22 හුවමාරු යොමු  

ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක.


ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.


තවද, ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේට, ‘ඔබ සියල්ල දකින දෙවියෝ ය.’ යන අර්ථය ඇති එල්-රෝයි කියා නම් කළා ය. ඒ මන්ද, ‘මා දුටු තැනැන් වහන්සේ මාත් දැක මම තව ම ජීවත් ව සිටිනවා නොවෙම් දැ’යි ඈ තමාගෙන් ම ප්‍රශ්න කළ බැවිනි.


ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය.


ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.


එවිට ඔහු, ‘දෙනුන් සමඟ පට්ටි ගසන සියලු බැටළුවන් ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් සහිත සතුන් බව නෙත් යොමා බලන්න. එසේ වන්නේ, ලාබන් ඔබට කරන සියල්ල මා දුටු හෙයිනි.


තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.


ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.


“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.


තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.


ජාකොබ් තවදුරටත් කතා කරමින්, “මා පිය ආබ්‍රහම්ගේ දෙවිඳුනි, මා පිය වූ ඊසාක්ගේ දෙවිඳුනි, ‘ඔබේ දේශයට ද ඔබේ ඥාතීන් වෙත ද ආපසු යන්න, මම ඔබට යස ඉසුරු සලසන්නෙමි’යි මට වදාළ ස්වාමීනි,


එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.


ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය.


දාවිත් ඔවුන් සම්බ වන්න පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “ඔබ හැම මට උපකාර කරන්න සාමදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ කෙරෙහි ඇළුම් වන්නේ ය. එහෙත්, මා අත වරදක් නැති ව තිබෙද්දී, මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහු නම්, අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක් වා!”යි කීවේ ය.


ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.


එවැන්නෙකු නිදහස් කර හරින විට, හිස් අතින් යන්නට ඉඩ නොදෙන්න.


එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.