එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.
උත්පත්ති 31:29 - Sinhala New Revised Version 2018 ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක. Sinhala New Revised Version ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක. Sinhala Revised Old Version නුඹලාට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට–යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක. |
එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.
මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.
තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.
එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
“ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න.
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.