ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 31:14 - Sinhala New Revised Version 2018

එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද?

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 31:14
6 හුවමාරු යොමු  

මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.


තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය.


ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි.


ඔබ සිහිවටන ස්ථම්භයක් ආලේප කර, මට භාරයක් පොරොන්දු වූ ස්ථානය වන බෙතෙල්හි දී ප්‍රකාශ වූ දෙවියන් වහන්සේ මම ය. දැන් නැඟිට, මේ දේශයෙන් පිටත් වී, නුඹ උපන් දේශයට ආපසු යන්න’ කියා කීවේ යැ”යි ඔවුන්ට සැළ කෙළේ ය.


ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත.


“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!