ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.
උත්පත්ති 3:8 - Sinhala New Revised Version 2018 ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. Sinhala New Revised Version ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. Sinhala Revised Old Version ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. |
ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.
“ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.
මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?
ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”
එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.
ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”
ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?
එහෙත්, අප යළි මරණයට මුහුණ දිය යුත්තේ මන් ද? මේ මහා ගින්න අප දවාලන්නට පුළුවන. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අප තවදුරටත් සවන් දුන්නොත් අපට මරණය නියත ය.
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.