උත්පත්ති 29:31 - Sinhala New Revised Version 2018 තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය. Sinhala New Revised Version තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය. Sinhala Revised Old Version ලෙයා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය. |
ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.
ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය.
තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.
ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය.
ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමාණන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.
මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ.
“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”
“මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.
තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි.
තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.
“යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්,
මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය.
ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.
මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.
එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.
සමිඳාණන් වහන්සේ හන්නාට කරුණා කළ සේක. ඈ පිළිසිඳගෙන පුත්‍රයන් තුන්දෙනෙකු ද දූවරුන් දෙදෙනෙකු ද ලැබුවා ය. සාමුවෙල් නම් ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැඩිණි.