ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 29:27 - Sinhala New Revised Version 2018

ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මැගේ සතිය සම්පූර්ණකරන්න, එවිට තව සත් අවුරුද්දක් මා ළඟ කරන වැඩ නිසා අපි අනික් තැනැත්තියද නුඹට දෙන්නෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 29:27
11 හුවමාරු යොමු  

ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.


ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ.


ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය.


ඔබේ ගෘහයෙහි මා විසූ අවුරුදු විස්ස මෙසේ ගතවිණි. ඔබේ දූවරුන් දෙදෙන නිසා අවුරුදු දහහතරක් ද, ඔබේ එළු බැටළු පට්ටි නිසා අවුරුදු හයක් ද මම ඔබට සේවය කෙළෙමි. එහෙත්, ඔබ මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළෙහි ය.


නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.


එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා!


මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.


ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය.


සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.