උත්පත්ති 29:25 - Sinhala New Revised Version 2018 පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය. Sinhala New Revised Version පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය. Sinhala Revised Old Version තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: නුඹ මට කළ මේ දෙය කුමක්ද? මා නුඹට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය. |
එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය.
එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද?
එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි; ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?
“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”
ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!
ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, “ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.