උත්පත්ති 29:15 - Sinhala New Revised Version 2018 ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය. Sinhala New Revised Version ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය. Sinhala Revised Old Version නුඹ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? නුඹේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය. |
ඔබේ ගෘහයෙහි මා විසූ අවුරුදු විස්ස මෙසේ ගතවිණි. ඔබේ දූවරුන් දෙදෙන නිසා අවුරුදු දහහතරක් ද, ඔබේ එළු බැටළු පට්ටි නිසා අවුරුදු හයක් ද මම ඔබට සේවය කෙළෙමි. එහෙත්, ඔබ මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළෙහි ය.
එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
ඔහුගේ මවගේ සහෝදරයෝ ඔහු වෙනුවෙන් ෂෙකෙම්හි සියලු වැසියන් සමඟ මේ කරුණ ගැන කතා කළහ. ඔව්හු අබිමෙලෙක් අනුගමනය කරන්නට තීරණය කරගත්හ. ඔවුන් එසේ කෙළේ, ඔහු ඔවුන්ගේ ම ඥාතියෙකු වන බැවිනි.