Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:15 - Sinhala Revised Old Version

15 නුඹ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? නුඹේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:15
5 හුවමාරු යොමු  

නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක.


තවද ඔහු: නුඹේ කුලී නියම කරන්න, එය මම දෙන්නෙමියි කීවේය.


ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.


මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.


ඔහුගේ මවුගේ සහෝදරයෝ ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි මේ සියලු වචන ඔහු ගැන කීවෝය. ඔවුන්ගේ සිත්ද අබිමෙලෙක් දෙසට ඇදීගියේය; මක්නිසාද: ඔහු අපේ සහෝදරයායයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්