ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 28:16 - Sinhala New Revised Version 2018

ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී:

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 28:16
14 හුවමාරු යොමු  

සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.


දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත.


මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය,


ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?


සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා!


සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?


ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.


එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.


සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.


එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.


සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.