Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 3:15 - Sinhala New Revised Version 2018

15 සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:15
20 හුවමාරු යොමු  

තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.


මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.


සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය.


එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය.


සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ.


සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.


තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා රොටි සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර,


ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ.


ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.


තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්