තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.
උත්පත්ති 27:42 - Sinhala New Revised Version 2018 දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුඩයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි. Sinhala New Revised Version දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි. Sinhala Revised Old Version තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසාගනියි. |
තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.
ඔබ වහන්සේ කරුණාකර, මාගේ සහෝදරයාගේ බලයෙන්, ඒසව්ගේ අතින්, මා මුදාගත මැනව. ඔහු අප වෙත පැමිණ මටත්, මවුවරුන්ටත්, දරුවන්ටත් පහර දෙති යි මම ඔහුට බිය වෙමි.
තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය.
දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.