පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.
උත්පත්ති 27:38 - Sinhala New Revised Version 2018 ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය. Sinhala New Revised Version ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය. Sinhala Revised Old Version ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය. |
පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.
එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය.
ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
ඔවුන් සිතේ ප්‍රීතියෙන් ගී ගයද්දී නුඹලා වේදනාවෙන් හා අධික ශෝකයෙන් කෑමොරගසමින් ළතෝනි කියන්නහු ය.
පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.
එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ.