අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.
උත්පත්ති 27:22 - Sinhala New Revised Version 2018 ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය. Sinhala New Revised Version ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය. Sinhala Revised Old Version එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය. |
අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.
එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.
සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණ බැවින්, ඔහු තම පුතා හැඳින නොගත්තේ ය. එබැවින් ඔහු ආශීර්වාද කරන්නට අරඹමින්,
ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.