මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
උත්පත්ති 26:29 - Sinhala New Revised Version 2018 ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ. Sinhala New Revised Version ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ. Sinhala Revised Old Version අප නුඹට අත නොගැසුවාක් මෙන්ද, නුඹට යහපතමකර සමාදානයෙන් නුඹ යැවුවාක් මෙන්ද, නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; නුඹ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය. |
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.
ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.
මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
එවිට ලාබන් ඔහු අමතමින්, “සමිඳාණන් වහන්සේගෙන් ආසිරි ලත් භවතාණෙනි, පිටත සිටින්නේ මන් ද? ඇතුළට එන්න. මම නිවාසය ද ඔටුවන්ට ස්ථානයක් ද පිළියෙළ කෙළෙමි”යි කී ය.