ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 24:51 - Sinhala New Revised Version 2018

මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙන්න, රෙබෙකා නුඹ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන යන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ නුඹේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 24:51
6 හුවමාරු යොමු  

තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය.


ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.


එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.


ඔවුන්ගේ මේ වචන ඇසූ විට ආබ්‍රහම්ගේ මෙහෙකරුවා පසඟ පිහිටුවා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.


රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නො‍වේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය.


විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න.