Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:51 - Sinhala Revised Old Version

51 මෙන්න, රෙබෙකා නුඹ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන යන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ නුඹේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:51
6 හුවමාරු යොමු  

අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.


තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.


එවිට ලාබන් සහ බෙතුයෙල් උත්තරදෙමින්: මේ වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙන් පැමිණි කාරණයකි. නරකක්වත් හොඳක්වත් නුඹට කියන්ට අපට නුපුළුවන.


ආබ්‍රහම්ගේ මෙහෙකරු තෙමේ ඔවුන්ගේ වචන ඇසූ විට බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාර කෙළේය.


රජද: ශෙරුයාගේ පුත්‍රයෙනි, නුඹලාගෙන් මට කම් කිම්ද? ඔහු දෙස් කීවේ මක්නිසාද? දාවිත්ට දෙස් කියන්නැයි ස්වාමීන්වහන්සේ ඔහුට කියා තිබේ නම්–නුඹ මෙසේ කළේ මක්නිසාදැයි කියන්ට පුළුවන් කවරෙකුටදැයි කීවේය.


භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්