ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.
උත්පත්ති 24:50 - Sinhala New Revised Version 2018 එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන. Sinhala New Revised Version එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන. Sinhala Revised Old Version එවිට ලාබන් සහ බෙතුයෙල් උත්තරදෙමින්: මේ වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙන් පැමිණි කාරණයකි. නරකක්වත් හොඳක්වත් නුඹට කියන්ට අපට නුපුළුවන. |
ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.
මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.
තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.
එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, “තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ.
මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.
ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.
එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත්‍ර වූ ජෙරොබෝවම්ට දෙන ලද තමන්ගේ පණිවුඩය ඉෂ්ට කරන පිණිස ඒ කරුණු එලෙස උන් වහන්සේගෙන් විය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් ජනයා වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණය පැමුණුණේ සමිඳාණන් වහන්සේ වන මගෙන් යැ”යි දැන්වී ය. මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට ඇහුම්කන් දී උන් වහන්සේගේ පණිවුඩය ලෙස හැරී ගියෝ ය.
ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?
එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය.