Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:50 - Sinhala Revised Old Version

50 එවිට ලාබන් සහ බෙතුයෙල් උත්තරදෙමින්: මේ වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙන් පැමිණි කාරණයකි. නරකක්වත් හොඳක්වත් නුඹට කියන්ට අපට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:50
15 හුවමාරු යොමු  

මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.


දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.


නුඹලාට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට–යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.


මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් වූයේය, ඒ වනාහි අපගේ ඇස්වලට පුදුමයක්ය යන මේ ලියවිල්ලවත් නුඹලා කියෙවුවේ නැද්දැයි කීසේක.


නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.


එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අදහාගත් කල්හි අපට දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් එම දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්දැයි කීවේය.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද?


තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමඟ සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය.


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය.


තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.


ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.


මෙන්න, රෙබෙකා නුඹ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන යන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ නුඹේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය.


මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් විය.


නුඹලා නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හැරී ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්