ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.
උත්පත්ති 24:13 - Sinhala New Revised Version 2018 මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. මේ නගරයේ කාන්තාවන් දැන් එනු ඇත. Sinhala New Revised Version මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. මේ නගරයේ කාන්තාවන් දැන් එනු ඇත. Sinhala Revised Old Version බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති. |
ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.
මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.
මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියන්නෙමි.
ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.
එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.
ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “දිවැස් ඇත්තා මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.