උත්පත්ති 23:6 - Sinhala New Revised Version 2018 “ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ. Sinhala New Revised Version “ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ. Sinhala Revised Old Version මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය. |
ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය.
එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.
එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවතෙකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
ඈ තම පියාට කතා කරමින්, “තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.
‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය.
එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය.
මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.
බලන්න, අපේ ගෝණි කටේ තිබී සම්බ වූ මුදල් ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේ නම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොම ද?
ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය.
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය.