පසු දින අක්කා නංගීට කතා කොට, “බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය.
උත්පත්ති 19:35 - Sinhala New Revised Version 2018 එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය. Sinhala New Revised Version එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය. Sinhala Revised Old Version ඔව්හු ඒ රාත්‍රියෙහිත් තමන් පියාණන්ට මුද්‍රිකපානය පෙවුවෝය. බාල තැනැත්තීද නැගිට ඔහු සමඟ සයනයකළාය; ඇගේ සයනයකිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය. |
පසු දින අක්කා නංගීට කතා කොට, “බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය.
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය.
දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි; එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය.
මලපතක් වැනි වූ ද සිත ගලක් වැනි වූ ද අත විලංගුවක් වැනි වූ ද ස්ත්‍රිය මරණයටත් වඩා තික්ත ය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති.
“ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.