ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 18:8 - Sinhala New Revised Version 2018

තවද, ආබ්‍රහම්, වෙඬරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 18:8
17 හුවමාරු යොමු  

තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය.


එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. “ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි.


එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය.


උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේ ය. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ ද දීකිරි සහ මී පැණි කන්නෝ ය.


ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය.


එසේ නොව, ‘මට කෑම බීම පිළියෙළ කොට, ඇඳගෙන ලෑස්ති වී, කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න; ඉන්පසු ඔබ කන්න බොන්නැ’යි කියන්නේ නැද් ද?


තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, පූප ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.


උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.


ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි.


උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.


සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.


දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.


මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.


මානෝවා සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙළ කරනු ලබන තුරු, ඔබ නවත්වාගන්නට අපට අවසර ලැබේවා”යි කීවේ ය.


සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය.