ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
උත්පත්ති 18:10 - Sinhala New Revised Version 2018 එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි. Sinhala New Revised Version එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි. Sinhala Revised Old Version කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය. |
ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක.
එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.
එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. “ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි.
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවා ය.
දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.
වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නෝ ය.