ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
උත්පත්ති 16:9 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය. Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක. |
ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.
ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය,
සියලු කාරණාවල දී තම ස්වාමිවරුන්ට යටත් ව සිටීමටත්, වාද නොකොට ඔවුන් සතුටු කිරීමටත් දාසයන්ට අවවාද කරන්න.