එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
උත්පත්ති 16:11 - Sinhala New Revised Version 2018 ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න. Sinhala New Revised Version ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න. |
එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.
ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.
කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත.
සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.
දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.
ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.