රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
උත්පත්ති 13:2 - Sinhala New Revised Version 2018 ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය. Sinhala New Revised Version ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය. Sinhala Revised Old Version ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය. |
රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය.
ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවතෙකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
මන්ද, ඔහු සතු එළු බැටළු හා ගව පට්ටි වූ හ. දැසිදස්හු ද විශාල පිරිසක් වූ හ. එහෙත් පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළහ.
මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.
ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.
සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.
මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.