ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.
උත්පත්ති 13:14 - Sinhala New Revised Version 2018 ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න. Sinhala New Revised Version ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න. Sinhala Revised Old Version ආබ්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න. |
ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.
තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.
නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති. මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි: ‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’
ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.
පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.
ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද