ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය.
උත්පත්ති 12:20 - Sinhala New Revised Version 2018 තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය. Sinhala New Revised Version තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය. Sinhala Revised Old Version ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය. |
ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය.
ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.