ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 11:28 - Sinhala New Revised Version 2018

හාරාන් තමා උපන් රටේ ඌර් නම් කල්දිවරුන්ගේ නුවරෙහි, තම පියා වූ තේරා එතෙක් ජීවතුන් අතර සිටිය දී මියගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හාරාන් තමා උපන් රටේ ඌර් නම් කල්දිවරුන්ගේ නුවරෙහි, තම පියා වූ තේරා එතෙක් ජීවතුන් අතර සිටිය දී මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හාරාන් තමා උපන් දේශයෙහි ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පියවූ තේරා ඉදිරිපිට මෙළේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 11:28
5 හුවමාරු යොමු  

තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.


එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.


ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.