Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:7 - Sinhala New Revised Version 2018

7 ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබුවාවූ දෙවිවූ ස්වාමීන්වහන්සේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:7
11 හුවමාරු යොමු  

මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.


තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.


නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.


එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක.


එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.


ආබ්‍රම් හෙවත් ආබ්‍රහම් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්