උත්පත්ති 10:29 - Sinhala New Revised Version 2018 ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය. |
පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත.
ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.
ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.
තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.
එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.
සාවුල් ද හවිලා පටන් මිසරයට පෙරදිගින් පිහිටා තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය.