ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 1:4 - Sinhala New Revised Version 2018

ආලෝකය යහපත් බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 1:4
10 හුවමාරු යොමු  

ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක.


මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.


දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.


මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.


දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.


සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.


සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.


සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.


අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ.


ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.