මෙසේ එලියා එතැනින් ගිය විට ෂාපාත්ගේ පුත් එලිෂා ඔහුට සම්බ විය. එලිෂා ගවයන් දොළොස් බානක් පිටුපස හාමින් සිටියේ ය. දොළොස් වන බාන සමඟ එලිෂා සිටිනු ඔහු දිටී ය. එලියා ඔහු ළඟට ගොස් සිය සළුව ඔහු පිට හෙළී ය.
ආමොස් 7:14 - Sinhala New Revised Version 2018 එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. Sinhala New Revised Version එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. Sinhala Revised Old Version ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි. |
මෙසේ එලියා එතැනින් ගිය විට ෂාපාත්ගේ පුත් එලිෂා ඔහුට සම්බ විය. එලිෂා ගවයන් දොළොස් බානක් පිටුපස හාමින් සිටියේ ය. දොළොස් වන බාන සමඟ එලිෂා සිටිනු ඔහු දිටී ය. එලියා ඔහු ළඟට ගොස් සිය සළුව ඔහු පිට හෙළී ය.
දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.
ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ ය.
බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.
ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි.
දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පනස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය.
එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.
දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය.
එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.
ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ.
මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.
සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”
ඒ වෙනුවට ඔහු, ‘දිවැසිවරයෙකු නොව මම ගොවියෙක්මි; මම බාල වියෙහි සිට ම ගොවිකම් කෙළෙමි’යි කියන්නේ ය.
එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.
කලින් සාවුල් හැඳින සිටි හැම දෙනා ම, ඔහු දිවැසිවරුන් සමඟ ධර්ම වාක්‍ය පවසනවා දුටු කල, ඔවුනොවුන් අතරේ කතා කරමින්, “කිෂ්ගේ පුත්‍රයාට කුමක් වී ඇද් ද? සාවුලුත් දිවැසිවරයෙකු වී සිටී දැ”යි කී හ.