Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:38 - Sinhala New Revised Version 2018

38 එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:38
34 හුවමාරු යොමු  

තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය.


බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.


තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය.


“මම සිලිසියාවේ තාර්සස්හි උපන් ජුදෙව්වෙක්මි, එහෙත් මේ නුවර ඇතිදැඩි වී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාමුල ඉගෙනීම ලැබ, අද ඔබ සියල්ලන් සිටින්නාක් මෙන් මමත් දෙවියන් වහන්සේ ගැන බැති සිතින් සිටියෙමි;


ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය.


මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය.


කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.


දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.


ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය.


එවිට ජේසුස් වහන්සේ, “මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, “නැතැ”යි කී හ.


උන් වහන්සේ, “ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. “අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ.


දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්,


ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.


සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර,


එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කැරලිකාර වංශයට උපමාවක් කියන්න. හැළිය ලිපේ තබාගන්න; ඊට වතුර වත්කරන්න.


“මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි.


දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.


දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.


දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය.


තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය.


දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය.


එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, “ඒ මොනවා දැ”යි නොදත්හ.


මොවුහු කතා කොට, ‘ගෙවල් ගොඩනඟන්න කාලය ළං වී නැද් ද? මේ නුවර කල්දේරමක් වැනි ය; අපි එහි පිසෙන මාංසය වැනි ය; එනම් අපට නුවර තුළ තරමක ආරක්ෂාව ඇතැ’යි කියති.


“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.


එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.


ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ; කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්