“නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත.
නුඹලාගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, නුඹලාගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි.
සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.
දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.
දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.
දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.
ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”
ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.
ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත්කම දැක්වූ විට, මම ඇගේ සහෝදරිය වෙතින් පිළිකුල් සිතින් හැරුණාක් මෙන් ඈ කෙරෙන් ද හැරුණෙමි.
ඇගේ හැම විනෝදයක් ද මංගල්‍යයන් හා අමාවක් උත්සවයන් ද සබත් දිනයන් හා නියමිත රැස්වීම් ද මම තහනම් කරන්නෙමි.
පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි.
මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.
මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.
මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙය සිය නාමයෙන් දිවුරා මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරකම මට පෙන්නන්න බැරි ය. ඔවුන්ගේ වලව් ද මම හෙළාදකිමි. නගරය ද එහි ඇති සියල්ල ද මම සතුරාට පාවා දෙමි.”
නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.