එවිට තෝබියස් රපියල්ට උත්තර දෙමින්, “අසරියස් සොහොයුර, ඇය හත් වරක් විවාහ කොට දුන් බවත් ඒ සැම වාරයකදී ම මංගල කුටියෙහි දී ඒ මනාලයන් මියගිය බවත් මට දැනගන්නට ලැබී තිබේ. මනාලයා, ඇගේ කාමරයට ඇතුළු වූ එම රාත්‍රියේ ම මිය ගොස් ඇත. තවද, යක්ෂයකු ඔවුන් මරාදැමූ බව ද මිනිසුන් කියනු මා අසා ඇත.