එවිට ඔහු තම පුත්‍රයා වෙතට හැරී, “ම පුත, ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන ඔබේ සහෝදරයා සමඟ යන්න. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ පිටත දී ඔබ ආරක්ෂා කොට, ඔබ දෙදෙනා ම නැවත මා වෙත යෙහෙන් සුවෙන් ගෙන එන සේක් වා! ම පුත, උන් වහන්සේගේ දේව දූතයා ඔබ සමඟ ගොස් ඔබ ආරක්ෂා කෙරේ වා!”යි කී ය. තෝබියස් ද ගෙදරින් යන්නට පිටත් වී, සිය මව හා පියා සිඹගත්තේ ය. තෝබිත් ද කතා කොට, “සුබ ගමනක් වේ වා!”යි කී ය.