මේසය පිළියෙළ කළ පසු විවිධ කෑම බඳුන් මා වෙත ගෙනෙන ලදී. එවිට මම මාගේ පුත්රයා වන තෝබියස්ට කතා කොට, “මාගේ පුත්රය, යන්න, ගොස් නිනිවය විප්රවාසගත වූ අපගේ සහෝදරයන් අතරෙන්, දිළිඳු පක්ෂපාත කෙනෙකු සොයාගෙන අප සමඟ ආහාර අනුභව කිරීමට ගෙනෙන්න. මා පුත නුඹ ආපසු එන තෙක් මම බලා සිටින්නෙමි”යි කීවෙමි.