මාගේ යොවුන් වියේ, ඉශ්රායෙල් දේශයේ පිහිටි මාගේ ගෙදර මා සිටිය දී මාගේ ආදි පියෙක් වූ නප්තලීගේ මුළු ගෝත්රය ම දාවිත්ගේ වංශයෙන් ද ජෙරුසලම් නගරයෙන් ද වෙන් විය. එහෙත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්රවලින් ඔවුන්ගේ යාග පූජා සඳහා තෝරාගන්නා ලද්දේ මේ නගරය විය. මෙහි දෙවියන් වහන්සේගේ වාසභවනය වන දේව මාලිගාව ගොඩනඟන ලදුව, මතු පරම්පරාවන් සඳහා එය විශුද්ධ කරන ලදී.