නූන්ගේ පුත් ජෝෂුවා රණශූරයෙකි. දිවැසිවර තනතුරෙහි මෝසෙස්ගේ පදවියට පත් වූ තැනැත්තා විය. ඔහුට මේ නාමය සැබැවින් ම යෝග්‍ය විය. ඔහු තෝරාගත් ජනයාගේ මහා ගැළවුම්කාරයා විය. ඔහු කැරලිකාර සතුරන්ට දැඩි ලෙස දඬුවම් කෙළේ ය. ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ උරුමයෙහි පදිංචි කෙළේ ය.