මෝසෙස් ඔහු අභිෂේක කෙළේ ය. ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළේ ය. මෙය ඔහුට සදා ගිවිසුමක් විය. අහස පවතින තාක් ඔහුගෙන් පැවත එන්නන් හට එසේ විය. ඔහු වන්දනා මෙහෙයෙහි දී ප්‍රථම ස්ථානය ගෙන පූජක පදවියේ කාර්යයන් ඉටු කරන්නේ ය. සමිඳුන්ගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නේ ය.