කිණිහිරය ළඟ වාඩි වී හිඳින ලෝකුරුවා ද එසේ ම ය. දළ යකඩ පොල්ලෙන් කුමක් කළ යුතු දැ යි ඔහු කල්පනා කර බලයි. ගින්නෙන් නැඟෙන හුමාලයෙන් ඔහුගේ හම දැවෙන්නේ ය. උදුනේ ග්‍රීෂ්මය මැද ඔහු බොහෝ සේ වෙහෙසෙන්නේ ය. මිටියේ ශබ්දය ඔහුගේ කන් බිහිරි කරන්නේ ය. ඔහුගේ නෙත් මෝස්තරය දෙස යොමු වී ඇත්තේ ය. ඔහු තමාගේ වැඩය හොඳින් කිරීමට මුළු සිත යොදවන්නේ ය. නිදිමරා එය සම්පූර්ණ කරන්නේ ය.