ඉශ්රායෙල්හි සියලු කාන්තාවෝ ඈ බලන්නට දිව යමින් ඇගේ ගෞරවය සඳහා නැටුම් කණ්ඩායම් සකස් කළහ. ජුදිත් කොළඅතු ගෙන තමා සමඟ ගමන් කළ කාන්තාවන්ට දුන්නා ය. ජුදිත් සහ ඇගේ මිතුරියෝ ඔලිව් වඩම් පැළඳගත්හ. ඉන්පසු ඈ සෙනඟ පෙරටු ව ගමන් කරමින් ස්ත්‍රීන්ගේ නැටුම් කණ්ඩායම් හැසිරෙව්වා ය.