ඔබේ හස්තයෙන් මේ සියල්ල කිරීමෙන් ඔබ ඉශ්රායෙල්වරුන්ගේ පැසසුමට සුදුස්සියක් වූයෙහි ය. ඔබ කළ දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න යැ යි උන් වහන්සේ පිළිගත් සේක. මතු පරම්පරාවන්හි දී සව් බලැති සමිඳාණෝ ඔබට ආසිරි දෙන සේක් වා!” එවිට සියලු දෙනා, “එසේ ම වේ වා!”යි පිළිතුරු දුන්හ.