මෙසේ කියා ඈ නැඟිට තම ඇඳුම් ආයිත්තම්වලින් ද සියලු කාන්තා ආභරණවලින් ද සැරසුණා ය. ඇගේ මෙහෙකාරිය ඈ පෙරටු ව ගොස් ආහාර අනුභව කිරීමෙහි දී වාඩිවෙනු සඳහා දිනපතා භාවිතයට බගොවස් විසින් දෙන ලද ලෝම කළාලය හොලෝපර්නස් ඉදිරියෙහි බිම දිගහැරියා ය.