ඔබ ජෙරුසලමට පැමිණෙන තෙක් මම ඔබට මුළු ජුදා දේශය හරහා මඟ පෙන්වන්නෙමි. මන්ද, මම නුවර මැද ඔබ සිංහාසනාරූඪ කරවන්නෙමි. එවිට ඔබ, එඬේරෙකු නැති බැටළුවන් මෙන් වූ ඔවුන්ව වටකරනු ඇත. ඔබට බුරන බල්ලෙක් වත් එහි නොසිටින්නේ ය. මේ සියලු දේ ගැන කලින් ඇති වූ හැඟීමක් මට ඇත්තේ ය. මෙය මට ප්‍රකාශ කරන ලදි. ඔබට මෙය දන්වනු පිණිස මම එවනු ලැබුයෙමි.”