අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල ඔව්හු තමන්ට අනතුරු කරන්නට උපායයන් යෙදූ අයට පහර දෙන පිණිස තමන් වාසය කළ නුවරවල රැස් වූවෝ ය. ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය. මන්ද, ජුදෙව්වරුන් කෙරෙහි බියකින් ඔවුන් මිරිකී සිටි හෙයිනි.